සතර දිගින් එනsathara dhigin ena

Sathara Digih Ena

ගී පද

සතර දිගින් එන සුලඟට සතර අතින් ඇතුළුවන්න
අප වසනා නවාතැනේ කවුළු නිබඳ ඇර තබන්න //

ඒ සුලඟින් මුල් ඉදිරී අතරමංව දිව නොයන්න
ප්‍රඥාවේ මිණි පහනින් එළිය ලබා රැඳී ඉන්න
දේදුන්නේ පාට වලින් පියවි දෑස් අන්ධ නොවන
මුළු සඵල ගී නාදය ඔබ සවනට රැගෙන එන්න

වද වාගිනි නැගෙන තැනක සිහිලැල් පෙම් දිය ඉසින්න
දණින් වැටෙන මිනිසත් බව ඔසවා සිහසුන තබන්න

සතර දිගින් එන... //