සසිරි බර සැපතsasiri bara saepatha

Sasiri Bara Sapatha

ගී පද

සසිරි බර සැපත නොම දුටු සිරිමතිය
අයස ළඟදි මා ළඟ වුන් යසවතිය
නිරස කුල බොජුන් වැළඳූ රසවතිය
කටුක වැල් යහන සැරසූ පතිවතිය

පරමල කියා මා ගැරහූ කුසුමාවි
අඳ මා දෙනෙත දිවැසින් දුටු නයනාවි
මූදේවිය ලෙසින් මා දුටු සීදේවි
නුඹේ සොහොන ළඟ නෙත් ලදුයෙමි දේවී

වද වද මගෙම පරපුර හොද හිතින් දරා
ලැබ ලැබ කටුක දුක් ගිනි නැඟුණ බුර බුරා
විඳ විඳ අපා දුක් මට සැපත දුන් සරා
අබින්ක්මන් කළේ ඇයි මගෙ යසෝධරා