සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේsasara saerisarana thek oba magee oba magee

Sasara Sari Sarana Thek Oba Mage

ගී පද

ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුණු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිඳි තුන් සිතම සලිත වේ
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.....

හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එළඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගඟ කලඹලා
මට බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ......

නා ගසක් දළු දමා වසන්තය එළඹිලා
මද පවන් රැල් වැදි සැලෙන විට කැළඹිලා
මට බලා ඉන්න බෑ දෙතොල් ඔබෙ පෙනෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.....

යුග ගනන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ.....

අහස්තල පොළෝතල ඔබට මට පොදු වෙලා
හදවතින් එක් උනත් ගතින් දෙදෙනෙකු වෙලා
මට බලා ඉන්න බෑ සියොළගම තැවෙනවා
සසර සැරිසරන තෙක් ඔබ මගේ ඔබ මගේ....