ගී පද
සසර මඟ ඉම නොපෙනෙනා
හද මැදුරු තුල දුක් සැතපෙනා
වෙලි වෙලී අකුසල් ඝණඳුරේ
මනුසතා ලෝකේ ලතැවෙනා... //
සසර කතරේ ඉමක් කොහිදෝ
හිරු ලෙසේ මරු රුපුවෙනා
මුනි දහම තුරුවේ එවන් කතරේ
අප එකින් එක ගෙන වනසනා...
පමාවීලා ඵලක් ඇතිදෝ
කුසලයට හිත මැලිවෙනා
බලන් ගුණදම් සැණින් පිරිහේ
නපුරුදම් ලොව වැජඹෙනා...