සසල වුනත් සිත නිසල කෙරේවීsasala wunath sitha nisala kereewii

Sasala Unath Sitha Nisala Kerewi

ගී පද

සසල වුනත් සිත නිසල කෙරේවී
ඔබගේ නිලුපුල් නෙත් කැල්මෙන්
කඳුළු ගඟක් වුව පහන් ටැඹක් සේ
එළිය කෙරෙයි ඔබෙ පිය තෙපුලෙන් //

ආ මඟ තනිවිය තනිකම දුරුවිය
ඔබේ දෑත් සුසිනිඳු පහසින් 
ඝනදුරු අහසට පුරා හඳක් විය
ඔබෙ සෙනෙහෙ පිවිතුරු හැගුමන්

සසල වුනත් සිත .....

මල් පෙත්තක මුදු සිනිඳු පහස දී
විස කටුවක විස පුරනු එපා
ගංඟාවක පිරි සිසිල් සුවය දී
ඒ සුව උදුරා ගන්න එපා

සසල වුනත් සිත ....