සාරිතා (ආදරේ ගිණි පුපුරු)saarithaa (aadharee gini pupuru)

Saritha (Adare Gini Pupuru)

සංගීතය:
දිල්ශාන් L සිල්වාdhilshaan l silwaa
පද රචනය:
ලසිත ජයනෙත්ති ආරච්චිගේlasitha jayaneththi aarachchigee

ගී පද

මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ කාලේ
හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා
මුළු ජීවිතයම අද මාගේ
එක තැනක නතර වී වාගේ
අද නෑසුනා එදා වාගේ කෝ ඔයා සාරිතා

ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු
තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ

කියාගන්න බැරි සිදුවීමක් 
පාරවාවී හැම ජීවිතයක්
මගේ කතාවත් දැන් නැවතිලා
නිමා වෙන්නේ නෑ දිග සුසුමක් 
දුකම දේවි සංසාරයමත්
පිහිට වෙන්න දෙවියන් නැති නිසා
ඔබ වෙනුවෙන් මා කරනා 
පින් වල අනුහස් ලැබිලා 
මට ලං වීලා ඉපදේවා ඇසුණාද සාරිතා......

ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු
තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ

ලබාගන්න බැරි ආදරයක් 
මේ භවේදී යලි කිසිදාවත්
නමුත් මතක් වෙනවා රිදවලා
සොයා යන්න ළඟ පාතකවත් 
නෙවෙයි ගියේ දුර ගව් ගාණක්
රැයේ එන්න සිහිනෙන් හිනැහිලා
ඔබ වෙනුවෙන් මා කරනා 
පින් වල අනුහස් ලැබිලා 
මට ලං වීලා ඉපදේවා ඇසුණාද සාරිතා......

මගෙ ආදරේම අපරාදේ
අපතේ ගියාද මේ කාලේ
හිත පාරවා දමා මාගේ ඔබ ගියා සාරිතා
මුළු ජීවිතයම අද මාගේ
එක තැනක නතර වී වාගේ
අද නෑසුනා එදා වාගේ කෝ ඔයා සාරිතා

ආදරේ ගිණි පුපුරු ලබන විට ඔබ නෑලු
තනි වෙලා හිත පාළු ඇයි උනේ අපි යාළු
හිටපු හැටි අමතකලු දුන්නු සිත ගත්තාලු
වේදනා විතරයිලු අන්තිමේදි ඉතුරූ