සරිගම රාග තාලsarigama raaga thaala

Sarigama Ragathala

සංගීතය:
නිමේෂ් කුලසිංහnimeesh kulasinha
පද රචනය:
ශෙහාන් ගලහිටියාවshehaan galahitiyaawa

ගී පද

සරිගම රාග තාල එකට ගලපලා 
අරගෙන අවේ නාද සතුට කළඹලා   
ඉඟ සුඟ පද්දලා දෑත දෑත ලංවෙලා
මේ ප්‍රිය සොඳුරු සාදේ සතුට ගන්වලා
සතුටින් නටමු ගයමු සතුටේ කිමිදිලා

සඳ හිනැහෙන රෑ දෑස දෑස යා වෙලා
එළිවෙන තුරු මේ සතුටු සාදේ පාවෙලා
රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා 
සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා 
ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා

තරු පොපියන රෑ රාග තාල ගායනා
සැප මිස දුක නෑ සතුටු  සාදේ රස ගෙනා
රෑ පුරා මේ සිනා මුව පුරා නග නගා 
සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා 
ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා

මේ රැය නිදි නෑ නටමු ගයමු එක් වෙලා
මුව හසරැලි පා විඳිමු සතුට රැය පුරා 
මේ සිනා වෑහෙනා සාදයේ සැමදෙනා
සතුටු වෙන්න සතුටු සාදේ සතුට උතුරනා 
ආදරේ විඳින්න ජීවිතේම ලංවෙලා

සරිගම රාග තාල එකට ගලපලා....