ගී පද
සාරි පොඩිත්තක් අැඳගෙන - මාල පොඩිත්තක් බැඳගෙන
දීග පොඩිත්තක් යන්නට කතා කරාවී
කතාකරල මංගල්ලේ නියම කරාවී
රණ්ඩු කියල සිංදු කියල - තොරණ් බැඳල රැහැන් ඇදල
පාවඩ පිට මනාලයා ගෙදරට ඒවී
ගෙදර ඇවිත් ලැජ්ජාවෙන් මුකුළු කරාවී
තක්කිට තරිකිට කියලා - තිරික්කලේ අපි යනකොට
අහල පහල ඉන්න ඈයෝ බලා ඉඳීවි
බලා ඉඳල අපි දෙන්නට විහිළු කරාවී
එතනො සුමනො නාඩ ඉදින් - සිකුරු තරුව පායනකන්
ඔයාලටත් පිරිමි කෙනෙක් බැල්ම හෙළාවී
බැල්ම හෙළල තවත් ගමක් එළිය කරවී