සරසවියේ රෑsarasawiyee rae

Sarasawiye Ra

ගී පද

සරසවියේ රෑ නිසංසලේ
ඔබ නිදනා පොඩි යහන් ගැබේ
මන්දාලෝකය දුරින් පෙනේ
ගිනියම් ගියි වැටක් වගේ.....

සෙංකඩගලපුර අපමණ ගිරි කුළු
අප වෙන් කරනා පවුරු විලාසෙන්
මුරකාවල් බැඳ කළුවර මහ රෑ
හඬනවා මෙනි තනි වූ මා සිත.....

පේරාදෙණියේ පුෂ්ප උද්‍යානේ
සැතපෙන කුසුමක මඳ මඳ සුළඟක්
මහවැලි දියරැළි විනිවිද පා වී
ඔබේ සුවඳ සේ මා ළඟ දැවටේ.....