සරසවි සුසුමක් ඉකි බින්දාsarasawi susumak iki bindhaa

සරසවි සුසුමක් - Sarasavi Susumak

ගී පද

සරසවි සුසුමක් ඉකි බින්දා
තෙල් බැම්මේ අයිනට වීලා
මට හිමි නැති සඳ වැළපෙනවා
තරු කැට අහුරට දුක දීලා

ඔය නෙතු හිමි නැති උණු කඳුලේ
සිත ලඟ තනිකම හිඳ වැළපේ
ඔහු ළඟ ප් ‍රේමය ඉතිරිකලේ
නොදැනී ඉන්නද හිත ඇතුලේ
නොදැනී ඉන්නද හිත ඇතුලේ

සරසවි සුසුමක්...

ඔබෙ හිත අහිමිව සඳ එළියේ
මුතු පිණි කුමටද ආදරියේ
ඔහු ළඟ ප් ‍රේමය හඬනු ඇසේ
නොහඬා තනිවෙමි මද අඳුරේ
නොහඬා තනිවෙමි මද අඳුරේ

සරසවි සුසුමක් ඉකි බින්දා
තෙල් බැම්මේ අයිනට වීලා
මට හිමි නැති සඳ වැළපෙනවා
තරු කැට අහුරට දුක දීලා