සාරධාsaaradhhaa

Saradha

සංගීතය:
ප්‍රගීත් පෙරේරාpragiith pereeraa
පද රචනය:
හර්ෂණ කේ පෙරේරාharshana kee pereeraa

ගී පද

ආලෙන් ලැබුව ලතැවිල්ලේ 
කාටත් හොරා දුක්විල්ලේ 
මගේ හිතටත් රහසේ 
ආයෙත් වරක ඔය තුරුලේ 
ආසයි ගුලි වෙන්න මුල්ලේ 
මාගේ අවසන් මොහොතේ 

ඔබ රෑ අහසේ තරුවක් වාගේ 
මට මේ පොළොවේ දුක විතරයි රත්තරනේ 
(මං පරක්කු නෑ සාරධා ඔබ කරද්දී ආරාධනා 
අපි කරාපු ආයාචනා නම් වැරදුනා...//) 

මා පැරදී නොයයි 
කිසිමදා දැවටී නොයයි 
ඔබ නිසා දැන් මා තනි වීලා යයි 
පාළුව වේදනයි 
යලි ඔයා නොඑනා හැඩයි 
ඔබගේ නමින් මා මියැදීලා යයි 

ඔබ රෑ අහසේ තරුවක් වාගේ.... 
 
මා ආස දේ ඔබයි 
ලබනා ආත්මයේ මටයි 
ඔබ මාගේ වෙන්න ඕනේමයි 
මේ මගේ කතාවයි 
අවසානය අද නිමාවයි 
ඔබ මාගේ ආයාචනාවයි 

ඔබ රෑ අහසේ තරුවක් වාගේ....