සරදම් සිනාsaradham sinaa

Saradam Sina

සංගීතය:
යසස් මැදගෙදරyasas maedhagedhara
පද රචනය:
සජිත් චතුරංගsajith chathuranga

ගී පද

සරදම් සිනා ඉමේ කතරින් මිදී 
අවමන් වූ ආදරේ විඳවා ගමි 
දෙවි දේවතාවෝ හැබැහින් මැවී 
මා චේතනාවෙන් හැම සමුගනී
මතු ප්‍රේම පාරමී පුරා හමුවන්න ආශා කළා.......

චන්ද්‍රාමයන් මග හැර හැම රෑ පෙලන්නේ තනිකම
ඕනෑ එපාකම් හිත යට තියා මං තුන්යාමයේ ඔබ වෙත
සංසාරයේ මේ දුක නවතිනු එපා මේ ළඟ......

කඳුලින් තැනූ ඒ මාළිගා විඳගන්න යම්දෝ චාරිකා
කුළුඳුල් පැතුම් මල් පුබුදා සිනාසෙන් සුවදායකයි සාරිකා
 සංසාරයේ මේ දුක නවතිනු එපා මේ ළඟ......

සරදම් සිනා........