ගී පද
සරදම් ඇයි මෙතරම් මගේ කුළුඳුල් පෙමට
ලතැවුල් නම් කෙතරම් වින්ඳේද
මේ හැටි ටික කලට
සරදම් ඇයි පෙමට......
(නොයිඳුල් මගේ පෙම කුළුඳුල් නිසා
රිදවන්නේ නම් නෑ කියා....//)
දිව්රා එදා කීවේ ඔබමයි ළඳේ
සරදම් ඉතින් ඇයි මෙසේ
රිදවන්නේ මට මේ වගේ.....
සරදම් ඇයි මෙතරම්......
(දිවි මං තලාවේ බොහෝ කෙටි දුරයි
අත් වැල් බැඳන් ආවේ....//)
ලතැවුල් එපා දෙන්න මට මේ වගේ
අවිහිංසකයි මා නගේ
රිදවන්නෙපා මේ වගේ......
සරදම් ඇයි මෙතරම්......