සරදම්saradham

Saradam

සංගීතය:
දිමංක වෙල්ලලගේdhimanka wellalagee
පද රචනය:
සංගීත් ප්‍රනාන්දුsangiith pranaandhu

ගී පද

සරදම් විඳි කරගැට දෑතේ ඔබ හා හිනැහිලා
දහදිය සුවඳට පෙම් කෙරුවේ ඒ ඔබමද කියා
නුඹ නෑ දන්නේ නෑ කඳුළු අවතැන් වෙලා
දුක උහුලන්න බෑ හිතම සීකඩ වෙලා.....

රිදුනාම සනසන්න ළඟ උන් ඔයා
නාඬන්න මට කඳුළු හැඩ නෑ කියා
තනිවෙන්න මගේ පපුවේ ආසයි කියා
දුප්පත් හිතක් එක්ක සෙල්ලම් කළා.....

රැවටීම යන අරුත පහදා තියා
ආදරයේදී මගදී හමුවෙයි කියා
හිත ආයේ මට දෙන්නේ නැහැමයි කියා
තහනම් කළා ආදරේ මට ඔයා
වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා
හැමදා ඉන්න සතුටින් ඔයා......

රිදුනාම සනසන්න......

දුක දන්නේ නැති හිතට පෙම් කළ නිසා
මට මාව නැති කරලා ඔබ දුර ගියා
මා ගාව ආදරය මදි බව කියා
රන් කාසි ඇති තැනක නැවතුණි ඔයා
වෙන කාවත් එපා හුස්ම වැටෙනා තුරා
හැමදා ඉන්න සතුටින් ඔයා......

සරදම් විඳි......
රිදුනාම සනසන්න.....