සරා සඳ පවාsaraa sanda pawaa

Sara sanda pawa

පද රචනය:
අත්තිඩියේ පුඤ්ඤරතන හිමිaththidiyee punnrathana himi

ගී පද

සරා සඳ පවා 
අවපස දාට යයි කැපී 
පිරිවරා සිටියට තනිවෙන දිනක් ඇත අපි..
වරා මල පවා 
ඇත ගුණ දරාගෙන පිපී.. 
ඔය තරහා අරගෙන මොකටද මරාගෙන අපි...
තරහා අරගෙන මොකටද මරාගෙන අපි...

අපි හෙව්වේ වාසියයි පසුපස දිව්වෙ කාසියයි..
පැණි බූන්දි දෝසියයි ඒකෙත් කුඹි රාසියයි..
කවි සින්දු පාටියයි බර අවි බයිලා ආටි යයි..
අපි උන්ට කෝටියයි අනෙ උන් අපට නෝටි ඇයි.

වළක්වන පව අහගෙන පෙළක් අය බණ..
අග මුලක් නොමදැන පව් පාසලක් කරගෙන
කඩි ගුලක් ලඟ හිඳ කුමකට පලක් බැඳගෙන
උඹේ ගලක් නම් හිත මොකටද මලක් සිපගෙන

මූනිච්චාවට හිනහෙන අයත් ලොව ඇත
මට දැනිච්චා ඇත 
දුක සැප බාරගෙන හිත
අපි ගෙනිච්චාමනම් පව් පින් දෙකයි වෙන නැත
මේ අනිච්චාවත සංඛාරාය සව්සත

සරා සඳ පවා 
අවපස දාට යයි කැපී 
පිරිවරා සිටියට තනිවෙන දිනක් ඇත අපි..
වරා මල පවා 
ඇත ගුණ දරාගෙන පිපී.. 
ඔය තරහා අරගෙන මොකටද මරාගෙන අපි...
තරහා අරගෙන මොකටද මරාගෙන අපි...