සරා සඳ මගෙන් සැඟවෙනවාsaraa sanda magen saengawenawaa

Sara Sanda Magen Sangenawa

ගී පද

සරා සඳ මගෙන් සැඟවෙනවා
හිතේ දුක තියන් විඳවනවා
මගේ නෙතු පියන් පියවෙනවා
කඳුළු බිදු ඇවිත් රිදවනවා
සැනසෙයි ඔහු ළඟ දැන්
හැමදේ අමතක නම්
ආ ගිය තැන් විමසන්
විඳවමි මම තව නම්

ලුහු බැඳ ඇවිත් ඇවිටිලි කළා
ඇස් දෙක වසා මා අඳ කළා
ඔබමම ඇවිදින් ඔබ ගියදා
මගෙ ළඟ විතරයි දුක පිරිලා
වටහා ගනු බෑ ඔබ කිසිදා

සරා සඳ මගෙන් සැඟවෙනවා
හිතේ දුක තියන් විඳවනවා

ඉඟි බිඟි ඇසින් මොනවද කියා
මගේ හිත හොරෙන් අරගෙන ඔයා
සෙනෙහස ගෙනිහින් මට නොකියා
කොහොමද ඉන්නේ සැනසීලා
තනිකම පමණයි මට සැමදා

සරා සඳ මගෙන් ....