ගී පද
M සරා සඳේ සිරියාවේ
නිවී දිලී මායාවේ
මගේ හිතේ නුඹ ඇඳුණා...
F මිළාන වූ මේ දෑසේ
පිපී සැලේවී ප්‍රේමේ
රැඳී ඉමී මා සදා...
F සඳ පායන ගනඳුරු යාමේ
ඔබෙ ආදර දෙඅදර රාවෙන්
සඳ සීතේ පිනි වෑහුණා...
M සඳ සාවී ඔබමද මාගේ
සැතපී හිඳ සිතුවිළි යහනේ
මගෙ ආදර හිත පාරනා...
මිළාන වූ මේ දෑසේ.../
සරා සඳේ සිරියාවේ.../
M පියඹා එන සමනළ රෑනේ
තටු දහසක මදහස වාගේ
නෙතු මානේ සිත පා වුණා...
F පියඹා එන සමනළ සීනේ
සිරිපා වැඳ සැනහෙනු වාගේ
නෙතු මානේ ඒ හිත යා වුණා...
සරා සඳේ සිරියාවේ.../