සප්ත ස්වරයයිsaptha swarayayi

Saptha Swarayai

සංගීතය:
නයන කරුණානායකnayana karunaanaayaka
පද රචනය:
හසිත විතානගේhasitha withaanagee

ගී පද

නිසග පවග මත හිනැහි හිනැහි පිණි 
මල් මතින් වඩිනු දෙව්ලියේ 
රත තඹර මල් සුවඳ විහිදා 
බිගුන් බමනා ඈ වටා.

ඇගෙ නිකිණි සිනහ මල් 
කිණිති සැලෙන විට 
දැනෙන දැනෙන හැගුමන්
රණ තිසර රුවැති ඇගෙ ලකල් ළමැදෙ මං 
සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා
සප්ත ස්වරයයි ඈ සුවද හමනා

හිත පුරා විසිරි මුතුලතා 
ඉහිරුනා රුවැති හද පතා
හීන මුසු වුනු පාට තැවරුණු 
දෑස අබියස නැවතිලා

ඇගෙ නිකිණි සිනහ මල්..

සප්ත ස්වරයයි සුවද හමනා
සප්ත ස්වරයයි ඈ සුවද හමනා

මෙපුර සුරඹ නද විදිමි විදිමි 
ඇගෙ මුව මතින් වයන රිද්මයේ
නීල අඹරේ තුහින මල් වැහි 
තෙමෙනවා මා ආදරෙන්

ඇගෙ නිතඹ ලෙලෙන පා සළඹ සැලෙන විට 
දැනෙන දැනෙන හැගුමන‍ෙ
මුදු සුමුදු සුවැති ඇගෙ ළකල් ළමැදෙ 
මං සිහින සිහින වින්දෙම්

සප්ත ස්වරයයි සුවද හමනා.......
සප්ත ස්වරයයි ඈ සුවද හමනා.......