සපත්තු මල ලා රතු පාටයිsapaththu mala laa rathu paatayi

Sapaththu Mala La Rathu Patai

ගී පද

(සපත්තු මල ලා රතු පාටයි
තුවක්කුවට ඔබ හැඩ පාටයි
පුවත් පතක ලියවුණු බහටයි
මම ලීවේ ඔබට නිකමටයි…..//)

මුර කුටියේ කවුළුව ළගට
පායන සඳ ඇවිත් යනවද
බිය මුසු වුණු සිතුවිලි ලඟට
ආදර ඟඟ ගලන් එනවද…..

සපත්තු මල…..

වරින් වර ඔබෙන් ලිපි ලැබුණා
රත්තරන් වදන් එහි තිබුණා
සැඟවෙන්නට සිතට බැරි වුණා
ඔබේම වෙන්නට මට සිතුණා…..

සපත්තු මල….//