ගී පද
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා
සංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මා
මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා
අම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මා
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මා.....
කටුක ලොවේ සොඳුරු සුවේ මට පෙන්වූ අම්මා
කඳුළු වලින් හැම දුකක්ම දමනය කළ අම්මා
(මෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මා....//)
සංසාරේ මා දුටු.....
කිරි බිඳුවක ණය ගෙවන්න සංසාරේම වඳිමි
අම්මා යන වදන කියා ලෝකය හැඩ කරමි
(බුදු වෙනදා මගේ අතින් මා උවතැන් කරමි....//)
සංසාරේ මා දුටු.....