සංසාරේsansaaree

Sansare

සංගීතය:
දිනේෂ් තරංගdhineesh tharanga
පද රචනය:
උදේශ් ආර්යන්udheesh aaryan

ගී පද

සංසාරේ ණය කලින්ම පියවා
සින්නක්කර දුන් පොරොන්දු ඉරලා
වැරදි කෝටියක් මගේ කර තියා
අත පිහාන නුඹ ලේසියෙන් ගියා
නොකියා හිටියත් සමහර දේවල්
ඔක්කොම දන්නව උඩ හිටි දෙවියන්
හීනයකින්වත් මම නුඹ හට නෑ
ද්‍රෝහී වෙලා

ලබාගත්තා... බලාගත්තා
කියපු දේවල් සේරම කලා
එපා කියලා යන්න යද්දිත්
පරිස්සම් වී යන්න කීවා
දරාගත්තා ඔයා හින්දා
ලෝකයෙන් මා බොහෝ නින්දා
ඒත් එක තප්පරේකටවත්
ඔබෙන් පලිගත්තේ නෑ කිසිදා

පුංචි පුංචි රන්ඩු කෙරුවට
වැරැද්දක් කලාද නුඹ හට
හිතා මතා කවදාවත් මේ
භවේදී මා
යන්න හදන සෑම මොහොතෙම
යන්න දුන්නෙ ඕන නිදහස
ආදරේ සැබෑම අර්ථය
පරිත්‍යාගයක් නිසා