සංසාරයේsansaarayee

Sansaraye

ඇල්බමය
Diviyapura

ගී පද

රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජිවිතේ.
මල්මිටයි මගේ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ
උල්පතයි කරුණා ගුණේ
සෙනෙහසයි ඔබ රන්ගිරේ
නාදයයි මගේ ජිවිතේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ

කැඩපතයි හද මන්සලේ
රියසකයි ඔබ ආ මගේ
බෑවුමයි ගිරිදුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ
මහමෙරයි මුදුතා ගුණේ
සලකුණයි ජය මාවතේ
රිද්මයයි මිනිසත්කමේ
මා ඔබෙයි සංසාරයේ

සැනසුමයි මගේ ජීවිතේ
සිසිලසයි මේ පින්බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ