සංසාර සුවඳsansaara suwanda

Sansara Suwanda

සංගීතය:
ආනන්ද වෛද්‍යසේකරaanandha waidhyaseekara
පද රචනය:
එරංග පාලිතරත්නeranga paalitharathna

ගී පද

මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා //
පින්සාර සුදු වතට උන්මාද වන තරම
පවසන්න බෑ සිත ඔද්දල් වෙලා
මනමාලකම් නැතිව මට ඉන්න දෙනවාද 
ඔබෙ උණුසුමේ මන්මත් වෙලා
මේ දැනෙන්නේ සංසාර සුවදක්ද මන්දා //

අර ඉස්සර දවසක වාගේ 
නෙතගින් බලා හිනැහෙන්න ආයේ 
අර ඉස්සර දවසක වාගේ 
හොරැහින්බලා පවසන්න ආයේ 
මේ දැනෙන්නේ ජීවිතේද මන්දා //

හද සන්තකව තිබුනේ
ඔය ඇස්දෙකට හිත බැදී කුලුදුල් සෙනෙහසයි
හද සන්තකව රැදුනේ
ඔය ඇස් දෙකෙන් මට හෙලු මල් හීසරයි
මේ දැනෙන්නේ ආදරේද මන්දා //

මේ දැනෙන්නේ ....