සංසාරෙ පෙම් හීනsansaare pem hiina

Sansara Pem Heena

සංගීතය:
සංජුල හිමාලsanjula himaala
පද රචනය:
සචිත උදයංගsachitha udhayanga

ගී පද

සංසාරෙ පෙම් හීන ඇස්පුරා කීව කාරණා මා දනී 
හමුවෙලා ඔන්න යන්න බෑ යන්න පාළුවේ මා දමා 
පාලුවට තිත තිබ්බා ඔබෙ නමට හිත ලීවා 
තව ඉන්න බෑ එක් නොවී  
උණුහුමට ගුලි වීලා නළලතට හිස තියලා 
මට දුන්න ඒ ආදරේ 

හඬ ගාලා මදි කීවත් මේ ආදරේ 
එලෙසින්ම දැනුනා සුවේ 
මුව පහස විඳ ගන්න පෙරදා වගේ 
ඔබ ඉන්න නොනිදා නෙතේ 
යමු අපි මෙසේ පැටලී අතේ 
ඔබමයි මගේ ජීවිතේ

පොද වැස්සෙ තෙමුනේ හීනෙන් නොවේදෝ 
ලංවීලා ඉන්නේ හැබහින්ම නේදෝ 
ඔබ කී කතා රහසේ පවා 
ලියවීලා පායාලා මගෙ හද පුරා 

හඬ ගාලා මදි කීවත්....
සංසාරෙ පෙම් හීන....
හඬ ගාලා මදි කීවත්....
ඔබමයි මගේ ජීවිතේ