සංසාර ආදරේsansaara aadharee

Sansara Adare

සංගීතය:
ධම්මික එදුසුරියdhhammika edhusuriya
පද රචනය:
අනු චන්ද්‍රසේකරanu chandhraseekara

ගී පද

හද සුසුමින් සිතුවම් කළ 
නෙත් හැලියෙන් වියකම් කළ
පෙම් හැඟුමන් නුපුරා ගිය ආදරේ 
සංසාර ආදරේ......

අසුනු පුරා සුවඳ හොවා 
පද අහුලා නිදි නොලබා
තැනු ආදරේ ප්‍රේම මාළිගේ
කිරුළ දරා නුඹ හිඳුවා
සිහින පුරා පැතුම් පතා
මැවුණු ආදරේ සංසාර ආදරේ......

ගිමන් නිවා නෙතු සනසා
සිතැඟි පුරා සෙනෙහේ වඩා 
පැතූ ආදරේ හැඟුම් යාවුණේ
මියෙන තුරා හිඳී නොයා
සසර පුරා බැඳී ආදරේ
අපේ ආදරේ සංසාර ආදරේ......

හද සුසුමින්......
(සංසාර ආදරේ)..//