සැගවී ගියාවෙන්saegawii giyaawen

Sangawi Giyawen

සංගීතය:
උදාර සමරවීරudhaara samarawiira
පද රචනය:
ඩිලාන් ගමගේdilaan gamagee

ගී පද

සැගවී ගියාවෙන් මතකය මාගෙන්
ආයෙමත් ළංවෙන්නෙපා
තුරුලේ මගේ සැඟවී හොරෙන්
රැවටූ දෙනෙත් මාගේ ඔයා
ආදරේ වේදනා හදවතේ සඟවලා
රහසේම වෙන්වීලා ගියා //

පෑරී දෙනෙත් රතුවී හඩනා තරම්
අදහන්න බෑ තවමත් මේ දුන් සුසුම්
වරදක් වුණාදෝ මා හැර ගියේ ඇයි
දැන්වත් කියන්න රත්තරන්
ආදරේ වේදනා හදවතේ සඟවලා
රහසේම වෙන්වීලා ගියා

එක්වෙන්න බෑ සැබැහින් නම් ආයේ නම්
පළිගන්න බෑ කිසිදා පෙම් කළ සිතින්
මතකයේ හැංගිලා ඉකි ගසා රෑ පුරා
හැඩුවට යළි එන්නේ නෑ
ආදරේ වේදනා හදවතේ සඟවලා
රහසේම වෙන්වීලා ගියා

සැගවී ගියාවෙන් ....