ගී පද
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ
ඉවසන්නම් ළඳුනේ කඳුළයි මගේ මුහුණේ
නැති බැරිකම් හමුවේ අපේ ලොව අසරණ වේ
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ........
ඒ කාලේ ආයේ අපට එන්නෑ
මා වාගේ කව්රුත් සතුට දෙන්නේ නෑ
දෙමාපියන්ගේ ආසිරි නෑ
ඔබේ දෑත මට හිමි වෙන්නෑ
අදින් පස්සේ ආයේ හමුවෙන් නෑ
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ........
නෑ වාසනාවන් මාගේ දිවියේ
මා දෛවේ සරදම් පමණි වින්දේ
අතීතයම මගේ ළඟ තියලා
ඔයා යන්න අතැඟිලි බැඳලා
එපා කරනු මට නම් අනුකම්පා
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු.......
සඟවන් දුක දෑසේ නොහඬමි කිසි දවසේ
තනියෙන් මා ඉන්නේ ඔබේ මතකය අතරේ
ඉවසන්නම් ළඳුනේ කඳුළයි මගේ මුහුණේ
නැති බැරිකම් හමුවේ අපේ ලොව අසරණ වේ
මතු සංසාරයේදී යලි හමු වුනොතින් අපි
අද වාගේ වෙන් නොවී හමුවෙමු
ඉවසන්නම් ළඳුනේ කඳුළයි මගේ මුහුණේ