සඳුද අවදියෙන්sandudha awadhiyen

Sanduda Awadiyen

සංගීතය:
අමරසිරි පීරිස්amarasiri piiris
පද රචනය:
ප්‍රියනන්ද විජේසුන්දරpriyanandha wijeesundhara

ගී පද

සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ...
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යයි
තනිවුණු වසන්තයේ...//

සීතල  ඇතිරුණි මිහිලිය ළයමත
කොඳ කෙම් පිපුරුනි මධු පුරවා
උණුසුම දැසුණේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම අද මා තනිවම

සඳුද අවදියෙන් .../

පහන් නොදැල්වෙයි ඔබෙ පැල්පත තුළ
නිදිමත අඩ නෙතුපිය සනහා
මගේම කඳුළක් ඒ පිනිබිඳු ලෙස
ඔබෙ කවුළුව ළඟ
පිපි මල්පෙති මත...

සඳුද අවදියෙන් ...//