සැදෑ කලුවර උර ගගා විත්saedhae kaluwara ura gagaa with

Sande Kaluwara

ගී පද

සැදෑ කලුවර උර ගගා විත් 
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා

වලා කුලකුත් නොමැති අහසේ
මලානික වූ මගේ සිතුවිලි
ගල් ගැසී ඇත පාලු වී ඇත
අදුර පමණක් රජ වෙලා 

සැදෑ කලුවර උර ගගා විත් 
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ  ‍රැයක් පමණයි
ගව් ගනන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා

සැදෑ කලුවර උර ගගා විත් 
ඔබේ පැල්පත මගේ දසුනින්
ඈත් වූ සද මගෙ සරා සද
තනි වෙලා මා තනි වෙලා