සඳවතියේ (ඔබ මා සිත ගාව)sandawathiyee (oba maa sitha gaawa)

Sandawathiye (Oba Ma Sitha Gawa)

සංගීතය:
සරත් ගමගේsarath gamagee
පද රචනය:
නුවන් දිලීප්nuwan dhiliip

ගී පද

ඔබ මා සිත ගාව ළං වී ඉන්න පෙම් හැඟුම් පුරවලා
නිලිවන් ඔය දෑසේ හැංගී ඉන්න ආසයි රෑ දිවා
(සඳවතියේ...// )

දේදුනනේ සළු පිලි ඇඳලා මා නිල් වත්සුණු මත තවරා
හිත කුල්මත් කරනා පෙම් කතා 
මගේ සවනට ළං වී කියනා හැටි මා රෑ සිහිනෙන් දුටුවා
සතුටින් මා හදවත පිබිදුණා
දිනපතා හමුවෙනවා සිනා සී ඔබ යනවා
හද මඩල කැලඹෙනවා රහසින්ම හඬවනවා
රහසින්ම හඬවනවා...

මා දෙනුවන් කඳුළැලි පුරවා හද පතුලේ සුසුමන් දවලා
කවදාවත් මගහැර ඉන්නෙපා
පැතු ප්‍රාර්ථනා ගිනි දල්වා සිත පතුලේ මිහිදන් කරලා
දුර ඈතක ඉගිලී යන්නෙපා
ආදරය අහිමි වූ දුක විතරමද උරුම සැනසීම දෙන් නැතිද
(ඔබේ සිත නපුරුයිද...//)

ඔබ මා සිත ගාව...