සඳවට රන් තරුsandawata ran tharu

Sandawata Ran Tharu

ගී පද

බඩගිනි වෙලා ගොඩවුණු කල පුතුගේ ගෙට
මා යකිනියක ලෙස 
පෙනුනයි ලේලියට....
දරු සෙනහසින් ඇඟේ ලේ පෙරලුනි කිරට 
අම්මද බිරිඳද ලොකු වැඩියෙන් උබට 

සඳවට රන් තරු.. කැකුළු පිපේවා..
හිරුට වලාකුළු.. සළු පැළඳේවා..
පොලවෙහි මිණිමුතු.. කැට බිහිවේවා..
පුතෙකුට අම්මගෙ.. අගය දැනේවා...

ගඟුලට ඇති බර....  දිය වැලි නේදෝ 
කතරට ඇති හර.... සුදු වැලි නේදෝ 
(ළඳකට ඇති හැඩ.... යහ ගුණ නේදෝ 
මවකට ඇති සැප.... දරු සැප නේදෝ ..//)

ගින්නක් නැති කල.... දුමක් කොයින්දෝ 
පින්නක් නැති කල.... තෙතක් කොයින්දෝ
(වහලක් නැති කල.... ගෙයක් කොයින්දෝ 
අම්මෙකු නැති කල.... දැයක් කොයින්දෝ...//)

සඳවට රන් තරු.../