සඳට රහසේsandata rahasee

Sandata Rahase

ගී පද

සඳට රහසේ ගීත ලියනවද 
හිරුට රහසේ ගීත ලියනවද 

කාට රහසේ ගීත ලීවද....
නුඹට නොවන ගී කාට ලියන්නද...//

තරු මුතු පිණි බිඳු දේදුනු මල් ගොමු 
ගොණුකර අමුණන ගී පද මට මද

මා හද නිඹදව සෙනෙහෙන් පුරවන
නුඹට නොවන ගී කාට ලියන්නද...//

ලොව ඇත සහසක් කුමාරිකාවන් 
කිවිඳුන් මනරම්  ගී හට පෙම් බැඳ

 එනමුදු කිවිඳුන් හද රැදි කුමරිය 
නුඹට නොවන ගී කාට ලියන්නද...//

සඳුට රහසේ......