ගී පද
සඳට මුවා වී තනිවෙන්න එපා
හිරුට මුවා වී සැඟවෙන්න එපා
කඳුළු වලින් මා නෙත් තෙමනු එපා
ලොවට බියෙන් මා හැර යන්න එපා //
ඔබව පැතුවෙ මා එක හිතින් බිය නොවී
කිමද අද මෙසේ ඔබ බොහෝ දුරට වී //
සඳට මුවා වී ....
පැතුම් මල් පිපී මද පවනෙ සැලෙන්නේ
එවන් ලොවක ඇයි මා තනි කරලන්නේ //
සඳට මුවා වී ....//
ලොවට බියෙන් මා හැර යන්න එපා //