සඳට හැකිනම් සඳ කෑගසා කියාවිsandata haekinam sanda kaegasaa kiyaawi

Sandata Hakinam Sanda Kagasa Kiyawii

ගී පද

(සඳට හැකිනම් සඳ කෑගසා කියාවි 
මගෙ වරදක් නැති බව හිරුට දැනේවි 
ඔබගෙ සුවඳින් මා හද සැනසුම් දේවි 
මගෙ වරදක් නැති බව ඔබත් දනිවී...//)

සිතට සීමා තිබෙන අයුරින් 
ඔබද මා හා ලබැඳි වී නම් 
මගේ දෑසේ විරහ කඳුළක් 
නොම එයිදෝ කිසිම දා නම් 

සඳට හැකිනම්......

සිහින මායා තිමිර බිඳිමින් 
පියවි ලොව වේ දුටුවේ මා නම් 
ලොවේ මායිම් නොවේ අරුතක් 
මටම ඔබගේ දෑත දේ නම්  

සඳට හැකිනම්......//
(මගෙ වරදක් නැති බව ඔබත් දනිවී...//)