ගී පද
සඳරාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ වේදනා මා දවාවී
සඳරාජිණී ඇයි ද හැංගී ඇයි ද හැංගී
මේ රැයේ පාලුවේ
ඈ හා බැඳී ආවා එදා සමුගන්න මාගෙන් මිදීලා
මතකේ සදා සුවදේ වෙලී සංසාරයේ ඉන්න මා හා
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යාකලේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින්
සඳරාජිණී ඇයි ද හැංගී............
රෑ තුන්යමේ හඩනා මගෙන් වෙන් වෙන්න් සිතුවේ කෙසේදෝ
සුළගේ රැදී කාටත් හොරා මාගේ ළඟින් ඉන්නදෝ
ජීවිතේ මා පැතූ ඒ සිනාවෝ ජීවිතේ කෝ පැතූ ඒ සිනාවෝ
වේදනා යාකලේ මායාව සේ වැළපෙන්නදෝ මේ ලෙසින්
සඳරාජිණී ඇයි ද හැංගී............