ගී පද
සඳපානේ ගැයුවා සිංදූ
හොර රහසේ දෙනුවන් බැන්දූ
අවිහිංසක මල් හිනාවේ
කඳුළැල්ල මහද හඬාවි
දළුලා ස්නේහේ පරවි
මා සොයා සෙවනැල්ලක් විලසේ
ඔබ එනවා යැයි කොතරම් කීවත්
අමතක වීදෝ ලොවට බයේදෝ
නිහඬයි ඔබ ඇයි කතා නැති
සඳපානේ ...
හදවත පාරා මා මියයද්දී
නොසැලී හිඳිනට ඔබට සිතෙයිදෝ
නොම තරහ වී වෙන්වෙමු එකසේ
කවදා හනිකේ හමුවන්නේ
සඳපානේ ...