ගී පද
සෙනෙහස අහිමිව මිලාන වූ සිත
සුවපත් කලේ ඔබයි //
කඳුලින් තෙත් වූ අවිහිංසක නෙත
කඳුළැලි පිසුවේ ඔබයි //
සිනහව නැති කල මුවගට සිනාව
තිලිණ කලේ ඔබයි
අනාගතය ගැන සිතින් සිතන්නට
සිත යොමු කලේ ඔබයි
සඳමාලියේ සඳමාලියේ
ආදර සඳමාලියේ
මියෙන තුරාවට සසර පුරාවට
මං ආදරෙයි ආදරෙයි //
පිවිතුරු සෙනෙහස නොලැබුනු මා හට
සෙනෙහස පිදුවේ ඔබයි //
දරු සෙනෙහස ගැන අරුත කියා දුන්
පින්බර මවත් ඔබයි //
දිවි මං පෙත මගේ සුවඳ කලාවු
පිංබර කුසුම ඔබයි
භවයෙන් භවයට සිත අද්දර ඇති
නොමියෙන පැතුම ඔබයි
සඳමාලියේ ....//