සඳළුතලේ ඔබ සිටියා බලාsandaluthalee oba sitiyaa balaa

Sandaluthale Oba Sitiya Bala

ගී පද

සඳළුතලේ ඔබ සිටියා බලා
ඈත තියා මම දුටුවා
අසු පිට එන සඳ ඔබ දැකගන්නට
තවත් සඳක් දෝ මට සිතුණා

ඔබ මා සතු නම් වෙන සැප කුමටද
ම සිත සැලෙයි ඔබ දුටුව පැයේ
පුලින තලාවට ඇඳිරි වෙලාවක
සිතුවිලි කුටියේ සිහින රැයේ

රජ මැදුරක ඔබ සැතපෙන යහනක
සුව පහසුව නැත මගෙ කුටියේ
එනමුදු ඔබහට බැඳි මා සෙනෙහස
දිවි ඇති තුරු මා හදෙහි තියේ

සඳළුතලේ ඔබ සිටියා බලා..