සඳළුතලේ ඔබයි මමයි අහසයි පොළවයිsandaluthalee obayi mamayi ahasayi polawayi

Sandalu Tale Obai Mamai Ahasai Polawai

ගී පද

සඳළුතලේ ඔබයි මමයි
අහසයි පොළවයි
සීත රැයක මහද දවයි
ඔබ අද නිහඬයි
සෙනෙහස ළඟ පිපුණු මලයි
කඳුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි ....

සරසවියයි හන්තානයි
මහවැලි ඉවුරයි
සිහිකල ඒ සොඳුරු යුගය
හදවත පාරයි
සෙනෙහස ළඟ පිපුණු මලයි
කඳුළයි සුසුමයි
පෙරදා අප වෙන් කෙරුණයි
සෙනෙහස බිඳුනයි ....

හසරැල් පිපි ඔය මුහුණයි
සිසිවිලි දැහැනයි
යළි ඔබමා හමුවුවත්
නොවුනා වාගෙයි ....

සඳළුතලේ ඔබයි මමයි ....