සඳකට තහනම්sandakata thahanam

Sandakata Thanam

සංගීතය:
ජයසිරි අමරසේකරjayasiri amaraseekara
පද රචනය:
චන්න ජයනාත්channa jayanaath

ගී පද

සඳකට තහනම් අහසින් බැසයන්න
මලකට තහනම් නටුවෙන් ගිලිහෙන්න
ඔබ මගෙ නාමෙන් මොහොතක් ඉවසන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න
සෙනෙහස වෙනුවෙන් කඳුළැලි උහුලන්න

අමාවකට ඇති කළුවර අපමණය
සමාව වෙනුවට අපි අද දෙතැනකය
ඔයා නමට ලිව්වත් ඉම් කවි පදය
දරා ගන්න බැරි ගින්දර විතරමය
දරා ගන්න බැරි ගින්දර විතරමය

සඳකට තහනම් අහසින් බැසයන්න .../

පුංචි පැටවුගේ ලෝකය බිදුනාම
සොඳුරු කැදැල්ලේ ලස්සන මැරුනාම
හිතන්න රන් කඳ පෙම කල හින්දාම
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට
පව් සිදු වෙන්නෙත් මේ අපි දෙන්නාට

සඳකට තහනම් අහසින් බැසයන්න .../