සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්sandakaen aewidhin supipuna kusuman

Sandakan Awidin Supipunu Kusuman

ගී පද

සඳකැන් ඇවිදින් සුපිපුන කුසුමන්
සිඹිනා නිසල රැයේ
සිතල උමතුව ඉදිකටු තුඩඟින් 
අනිනා නිහඩ පැයේ
නිදන්න සොදුරිය නිදන්න ඔබෙ හිස
රදවා මාගේ ළයේ

නලියන මදනල පොපියන මල්වල
සුවදක් සොයා ඇදේ 
දිදුලන තරුකැල නිල් නුබ ගැබ තුල 
සඳ තුරුලෙහිම රැදේ 

සඳකැන් ඇවිදින් ....

නැලවෙන තුරු හිස පිණි පොද ඉස ඉස
නිලඹර තුටින සැලේ
දුක් කඳුලැලි පිස උතුරන සෙනෙහස
මා හදවතට දැනේ

සඳකැන් ඇවිදින් ....