ගී පද
සඳක් නම් බැස යන්න තිබුණා
හඩන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුණා
තටු අගට ලස්සන නොදී //
පරවි තුඩකින් විලඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක රැදෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ
සඳක් නම් .....
පොළව උසුලන සියළු දුක් සැප
අහස් තලයෙහි හිමිවුනේ
පොළෝතලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ
සඳක් නම් ....