සඳයි තරුවයි ලෙසින් ඉන්නටsandayi tharuwayi lesin innata

Sandai Tharui Lesata Innata

ගී පද

සඳයි තරුවයි ලෙසින් ඉන්නට 
නිසංසල අහසේ 
පෙරුම් පිරුවද වරම් නොලැබුණු 
අසන් පෙම්වතුනේ 
ඔබේ පුවතයි මේ

ලොවම එකවර දකින්නට ඔහු 
යොමු කලේ ඇයගේ නෙතයි
ලොවට රහසින් හඬන්නට ඈ
හුරු කලේ ඔහුගේ සිතයි

නදී ඇල දොළ හඩා වැලපේ 
ගෙනගියේ ඔබෙ ස්නේහයයි 
සයුරු රල පෙළ හැපී වෙරළේ 
සොයන්නේ ඒ ප්රේමයයි