සඳගිරි පව්වsandagiri pawwa

Sandagiri Pwwa

සංගීතය:
ප්‍රේමසිරි කේමදාසpreemasiri keemadhaasa
පද රචනය:
රත්න ශ්‍රී විජේසිංහrathna shrii wijeesinha

ගී පද

සඳගිරි පව්ව කොහේදෝ
මගෙ සඳ කිඳුරු කොහේදෝ
මට කියන්න කියන්න මා
සොවින් තැවෙන චන්ද කින්නරී

අපි ගෙයින් ගෙයට යන ගමනේ
කුලී ගේක නැවතී
කවි සිංදු කියා අත පෑවේ
සාගින්දර ඇවිළී
මහ රෑ කළුවර
නුඹ කොහෙ ගෙන ගියා ද
හිමි සඳුනි

නිල් වනාන්තරේ ගිනි ගනීවී
සුසුම්වලින් ඇවිලී
නිල් අනෝතත්ත විල හිඳේවී
දුම් දමලා උණු වී
මගේ සඳ කිඳුරා මටම දෙන්න
පින් ඇති වන සතුනී