සඳ යාත්‍රා කළාsanda yaathraa kalaa

Sanda Yaathra Kala

ගී පද

සඳ යාත්‍රා කළා වගෙ මතකයි
ඔබ නේත්‍රා වලින් මට පවසයි
හැම මාත්‍රාවටම සිත සැනසෙයි
අපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි //

දස දහස් වරක් ඔබට සිත බැඳි
සපුරන්නට ඇති පැතුම් මල් මිටි
භවයෙන් භවයට ආ මඟ සඳ වී
ඔබ ඉන්නැති මගෙ ලොවට එළිය දී

සඳ යාත්‍රා කළා...

තව සහස් කලක් මේ දුර යන්න
සිත් අහස් ගැබේ තරුවක් වෙන්න
ඔබ මා ළද පින් ඇතිය හිතන්න
අපෙ සෙනෙහස පර මලක් නොවන්න

සඳ යාත්‍රා කළා...