ගී පද
සඳ වැනි මුහුනැති නීල නුවන් ඇති
රුවැති ළඳේ
මා නෙත පෙම් කල
මා සිත ළං කළ
කුසුම් විලේ පිපුනු මලේ
මුවඟින් නොනැගෙන
හද තුල උපදින
පැතුමන් කැටි කර
හස රැල්ලේ
මොහොතක් නෙතු ලඟ
රැඳී හිඳින්නට ඇයිදෝ
මට අවසර නැත්තේ
දෙතොලේ උපදින
හසරැලි රළ පෙළ
මොහොතින් නැති කර
කඳුලැල්ලේ
මොහොතක් ඈ ලඟ රැඳී හිඳින්නට
ඇයිදෝ මට අවසර නැත්තේ