ගී පද
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ...
(උදා ලා හිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා...//)
සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ...
සඳ වතුරක් සේ...
(මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා...//)
සමිඳුනි ඔබ වේවා පිහිට මට
මේ භව කතරේ...
සඳ වතුරක් සේ...