ගී පද
සඳ වලා රොදක හැංගී
තරු නෙතු අගින් බලාවී
එක නිමේෂයක ළංවී
ජීවිත කතන්දරේ
කියන්න ඒවී
මල් පිපී පරව යාවී
හෙට උදෙත් හිරු නැගේවී //
ඔබට යන්න හැකිද නික්ම
මේ රැය වගේ
මා වෙතින් දුරස්වී
රත් කොපුල් තලා දියවී
නෙතු කඳුළු බිඳු ගලාවී //
ජීවිතේ අපෙන් දුරස්ය
මේ රැය වගේ
නොවෙද කුමාරි
සඳ වලා රොදක ....