ගී පද
සඳ වාගේ ලස්සන මූණ පුරා
පැතුම් පිරි දිලෙනා//
ගම්මානේ සුන්දර නැකත් පිපි මල්
රබන් සුරල් වැයෙනා...//
රබන් සුරල් වැයෙනා//
කෝල සිනා නැගුණයි
මාල හතක් බැඳුනයි//
දුර ඈත රටින් එන කුමාරයෙක්
අද ඈ කැන්දන් යනවයි//
සඳ වාගේ...
සිතට දුකක් දැනුනයි
කඳුළු පොදක් සැලුණයි//
වෙල ලන්දේ දුව පෑවා සිනා
සෙමෙන් මැකී යනවයි//
සඳ වාගේ...//