සඳ වී හදේ පායන් ඉතින්sanda wii hadhe paayan ithin

Sanda Vee Hade

ගී පද

සඳ වී හදේ පායන් ඉතින්
රන් තාරුකා මල්වැල් අරන්
මුදු සීත වැල් අතරින් අැවිත්
දෝතින් බදා සිපගන් සෙමෙන්
කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි අැති තුරා හැරදා නොයන්

මේ රාත් ‍රියේ දැනෙන තනිකම් ළඟින්
ඔබෙ අාදරේ සුවඳ ගෙන එයි හෙමින්
සංසාරයේ පැතුව පැතුමක් ලෙසින්
ඔබ ළං වුනේ හදට සුවඳක් ලෙසින්
පිදු ප් ‍රේමයේ සොඳුරු පිරිසිදු හදින්
දුක් වේදනා දුරු වෙයි ඉතින්

මේ ජීවිතේ මිහිර පැතුවා සිතින්
එය හමු වුනේ ළබැඳි ඔබගේ හදින්
මැවුනා හදේ ඔබව සිතුවම් ලෙසින්
බැඳුනේ පෙමින් ලොවට රහසින් අැවිත්
පෙම් ලෝකයේ කිරුළ සුරතින් අරන්
එන්නම් සොයා සනසා නුවන්

සඳ වී හදේ පායන් ඉතින්
රන් තාරුකා මල්වැල් අරන්
මුදු සීත වැල් අතරින් අැවිත්
දෝතින් බදා සිපගන් සෙමෙන්
කඳුලින් උපන් සෙනෙහේ නමින්
දිවි අැති තුරා හැරදා නොයන්